කාටත් හොරෙන් අවසන් ගමන් ගිය 'කෝලිය'

දෙසැ 07, 2024
    මින්නේරිය රොටවැව ප්‍රදේශයේ මින්නේරිය රක්ෂිතය තුළ අභිරහස් ලෙස මීට දින හයකට පමණ පෙර මියගිය ඇතෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා.

    ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන්ට විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන ඇත.

    ශරීර ලක්ෂණවලට අනුව මේ වන විට තහවුරු වී ඇත්තේ මින්නේරියේ ජීවත් වූ "කෝලිය" නම් ඇතා බවයි.
    වයස අවුරුදු 25 කට ආසන්න බවත් දළ යුගලය අඩි හතරකට ආසන්න බවත් පරීක්ෂණවලින් තහවුරු කරගත් බව වනජීවී නිළධාරීන් පවසනවා.
    පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ ගීරිතලේ වන ජීවී පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය කණ්ඩායම් විසින් සිදු කරනු ලැබූ අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

    Latest News