ඔහු මේ බව මාධ්‍යයට කියා සිටියේ, හෝමාගම අද පැවති උත්සවයකින් අනතුරුවයි..
එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා....
ලබන සඳුදා ඉඳලා මැතිවරණ කොමිසන් සභාවේ සියළුම නිලධාරීන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට අපි උපදෙස් නිකුත් කරනවා, මැතිවරණ සූදානමට ලැහැස්ති වෙන්න කියලා. ප්‍රධාන කාර්යාලයේ කටයුතු සිදු කෙරෙමින් යන්නේ. අපිට අවශ්‍ය මුද්‍රණ කටයුතු ආකෘතියට අනුමැතිය දීලා, දිස්ත්‍රික් කාර්යාලවල වැඩ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරනවා. අපිට නිශ්චිතව කියන්න බැහැ මාර්තු 02 විසුරුවනවා ද නැද්ද කියන එක. විසුරුවපු දවසේ ඉඳලා දවස් 52කට පස්සේ 66 කට කලින්. කිසිම කරුණක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය බලපෑම් කරන්න පුලුවන් කමක් නැහැ“ යැයි මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.