ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ ඉරිදා දින සිට මේ දක්වා ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 135 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරනවා.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි.
කොවිඩ් වසංගත අවදානම සියලු ප්‍රදේශවල පවතින බැවින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ.