ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
එහි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඉදිරි පරීක්ෂණ පැවැත්වෙන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ මන්නාරම පිහිටි ඔහුට අයත් නිවාස 02 ක් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 02 ක් ඊයේ රාති‍්‍රයේම පිටත්ව ගිය බව ද පොලීසිය සඳහන් කළා.
අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා, පොලීසියට උපෙදස් ලබා දුන්නේ ඊයේ දිනයේදීයි.
එහෙත්, එලෙස වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවයි.