විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියාසිටියේ ගම්පහ ප්‍රදේශයේ පාසලක ස්ථාපිත විභාග මධ්‍යස්ථානයකට, ස්මාර්ට් අත්ඔරලෝසුවක් රැගෙන පාසල් අයදුම්කරුවෙකු පැමිණ ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානයෙන් ද පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.
මේ අතර උසස් පෙළ විභාගය ආරම්භ වූ ඉකුත් 12 වනදා ජංගම දුරකතනය හරහා විභාග ප්‍රශ්න පත්‍රය ඡුායාරූප ගත කර වෙනත් අයෙකුට යැවීමට උත්සාහ කොළඹ ප්‍රදේශයේ පාසල් අයදුම්කරුවෙකු ද හඳුනාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූ බවයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.