ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

ඔක් 14, 2020

    බලංගොඩ, පින්නවල වලවේවත්ත ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් සිදුවු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය පැවසුවේ වලවේවත්ත රජයේ තේ වත්තක තේ දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

    බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මෙලෙස මියගොස් ඇත්තේ 46 සහ 47 හැවිරිදි වලවේවත්ත ප්‍ර‍දේශයේම පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකි.

    Latest News