අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

දෙසැ 05, 2024
    2025 වර්ෂයේ පළමු මාස 4 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අද සහ හෙට (06) යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතයි.

    මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදුකෙරෙන්නේ,ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්රියාත්මක ව්යාපෘති සහ රාජ්ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්ය මුදල් වෙන් කිරීමයි.
     
    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වැනිදා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

    Latest News