මහ ඡන්දෙ ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ කාලය අද මැදියමෙන් අවසන්

දෙසැ 06, 2024

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාල සීමාව අද (06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

    මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 8,361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී ඇත්තේ 1,985 දෙනෙකු පමණක් බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

    එසේම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690කින් 106ක් සහ ජාතික ලැයිස්තුවෙන් 527 දෙනාගෙන් 57 දෙනෙකු පමණක් ආදායම් සහ වියදම් වාර්තා ලබා දී තිබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

    එසේ භාර නොදෙන අයට විරුද්ධව නීතිමය වශයෙන් පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News