ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට මහනුවරදී එළිදැක්වීමට නියමිතයි. කොළඹ අද පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා...
“ප්‍රතිපත්ති ප්රකාශනයේ සියල්ලක්ම එහි අඩංගු වෙනවා. ආබාධිත රණවිරුවන් ඔවුන්ගේ වැටුප සේවයෙන් අවසන් වූවාට පසුව ඒ විධියටම තබාගෙන යන්නත්, ඔවුන්ගේ වැන්දඹුවන්ට එයින් 85%ක් ලබාදෙන්නත්, අපි එකඟ වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයක් ඇති කරලා තියෙනවා. විශ්‍රාම වැටුප්වල විෂමතාවය ලබන අවුරුදු දෙකේදී සම්පුර්ණයෙන්ම නැති කරන වැඩපිළිවෙළක තමයි ඉන්නේ. රාජ්‍ය සෞඛ්‍ය සේවය ඉතාමත් වැදගත්. ඖෂධ 48ක මිල අඩු කරලා තියෙනවා. ගර්භනීය මව්වරුන්ට රුපියල් 20,000ක දීමනාවක් දුන්නා. අපි ඒක රුපියල් 30,000ට වැඩි කරනවා. වයස 35ට වැඩිනම් ඒ අයට නොමිලයේ වෛද්‍ය පරීක්ෂණ ලබාදෙන්න යනවා. පෙර පාසල් නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළ තුලට ගෙන ඒමට තමයි අපේ තීරණය. හැම පාසලකම විද්‍යා විෂයන් උගන්වන්නත් වැඩපිළිවෙළ කරගෙන යනවා“ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.