ඉකුත් අඟහරුවාදා දකුණු කොරියාව තුළ යුද නීති ප්රකායට පත් කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ‘යූන් සුක් යෝල්’ සමාව අයැඳ සිටිනවා.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, තවත් එවැනි නියෝගයක් ඉදිරියේදී සිදු නොකරන බවයි.
දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් කම්පනයට පත් වූ එරට ජනතාවගෙන් සමාව අයැද සිටින බව, දකුණු කොරියානු ජනාධිපති, ‘යූන් සුක් යෝල්’ මෙහිදී ප්‍රකාශ කර සිටියා.
යුද නීතිය ප්‍රකාශ කිරීම පිළිබඳ කිසිදු නෛතික හෝ දේශපාලන වගකීමකින් තමන් වැළැකී නොසිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
රට තුළ හට ගෙන ඇති දේශපාලන අර්බුදය සමතයකට පත් කරමින්, රට ස්ථාවර කිරීමේ කාර්ය, සිය පාලක පක්ෂය වෙත පවරන බවට ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වුවද, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඔහුගේ පාලක පක්ෂය වන ‘මහජන බලය පක්ෂයේ’ නායක ‘හැන් ඩොං - හූන්’ කියා සිටියේ, ජනාධිපති යූන් සුක් යෝල් හට ඔහුගේ සාමාන්‍ය රාජකාරිය තවදුරටත් සිදු කිරීමට නොහැකි තත්වයක් මේ වන විට උදා වී ඇති බවයි.