මෙරට මුහුදු සීමාව තුළ අනවසරෙන් ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් අට දෙනෙකු අද (08) දින අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අනතුරුවයි අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
විදේශීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබනවා.
ඒ අනුව, මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් අට දෙනා (08) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.