නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

රන්ජන්ට ඇප

සැප් 19, 2024

නිරෝධායන නීති කඩ කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කර තිබේ.

2019 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම හෙටින් (06) අවසන් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙක් ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා වෙනුවෙන් පණවා තිබූ ඇප කොන්දේසියක් ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම ක‍ළේය.

ව්‍යාපාරිකයෙකුගෙන් රු.80,000 ක අල්ලස් මුදලක් ලබාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් සැරයන්වරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ ඩුබායි සිට පිටුවහල් කළ ලංකා සජිත් පෙරේරා ශරීර ඇප මත මුදා හැරිණ.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් රු.50000ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් එම බලකායේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම නැවත ප්‍රතික්ෂේප කරමින් පෙබරවාරි 15 වැනි දා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

Latest News