පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්ර භාර ගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයදුම්පත්ර භාර ගැනීමේ කාලය අද මධ්යම රාත්රි 12.00න් අවසන් වනවා.
තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්රදේශයට අදාළ දිස්ත්රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයදුම්පත්ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා මැතිවරණයට ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂවල බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදා පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.