කුඩා දරුවන්ට ලබා දෙන ත්රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සරය අදට (03) යෙදී තිබෙනවා.
මීට වසර 100 කට පමණ පෙර මුහුදුබත්වූ ටයිටනික් නෞකාව මේ වන විට බොහෝ සෙයින් දිරාපත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇටකාමා කාන්තාර ප්‍රදේශයේ පිහිටා ඇති චිලී රාජ්‍යය ලොව දෙවන විශාලතම ලිතියම් නිෂ්පාදකයායි. ඔවුන් දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවටයි.

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාවට අයත් “ඉන්ස් මුම්බායි” යුධ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට පැමිණියා.

මාස දෙකකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අතරමංව සිටින ගගනගාමීන් වන සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් 2025 පෙබරවාරි මාසයේදී SpaceX Crew Dragon අභ්‍යවකාශ යානය මගින් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි.

ප්‍රවීණ ගගනගාමීන් වන අමෙරිකානු ජාතික බුච් විල්මෝර් හා ඉන්දීය සම්භවයක් සහිත අමෙරිකානු ජාතික සුනීතා විලියම්ස් පසුගිය ජුනි මස 05 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගියේ දින 8ක අත්හදා බැලීමේ මෙහෙයුමකටයි.

මඩකලපුව රදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස කොළඹ අගරදගුරු පදවි සහායක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත්කර තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ වීමට නියමතයි.
එළැඹෙන 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
මේ වසරේ දක්නට ලැබෙන ප්රධානතම උල්කාපාත වර්ෂාවක් වන, “ෆර්සියස්” උල්කාපාත වර්ෂාවේ උපරිමය, අද මධ්යම රාත්රියෙන් පසු බටහිර අහසේ දක්නට ලැබෙන බව, අභ්යවකාශ විද්යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්යයේ කටයුතු අද (05) ආරම්භ වනවා.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා.

මධ්‍යධරණී සාගරයේ ඇති විශාලතම දූපත වන සිසිලියේ දැඩි නියං තත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් දූපත මධ්‍යයේ පිහිටි පර්ගුසා විලේ ජල මට්ටම බෙහෙවින් පහත වැටී තිබෙනවා.

කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල හා ප්රලේඛන මධ්යස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

Latest News