පාපන්දු තරගය අතරතුර සිදු වු ගැටුම්කාරි තත්වය සමග කලබලයට පත් පිරිස තෙරපීමකට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අග්‍රාමාත්‍ය ඇමඩෝ අර්යබා පවසනවා.
මළ සිරුරු රෝහල් කිහිපයක තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. පාපන්දු තරගය අතරතුර එහි විනිසුරුවරයා කෙරෙහි කෝපයෙන්, පැමිණ සිටි පිරිස් තණ තීරුව දෙසට ගල් ගැසීමක් සිදුකළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
පසුව ඔවුන් පාලනය කිරීම සඳහා පොලිසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මියගිය පිරිස පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.