ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26 කින් පරාජය කරමින්.
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමයි.
ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව හම්බන්තොට බං ලා ටයිගර්ස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව ඔවුන් පන්දු වාර 10 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 133 ක් රැස්කළා. මොහොමඩ් ශහසාඩ් සහ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස්කළා.
පන්දු යැවීමේදී ට්‍රවීන් මැතිව් කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ලෙස ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට පන්දු වාර 10 ඇතුළත කඩුලු 6 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 107ක් පමණයි. ටොම් ඇබෙල් නොදැවී ලකුණු 54 යි.
පන්දු යැවීමේදී රිචඩ් ග්ලීසන් කඩුලු 3 ක් දවා ගත්තා. නායක දසුන් ශානක කඩුලු 2 යි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලංකා T10 ක්‍රිකට් තරගාවලිය සංවිධාන කළ පළමු අවස්ථාව මෙයයි.
ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26 කින් පරාජය කරමින්.
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමයි.
ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව හම්බන්තොට බං ලා ටයිගර්ස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව ඔවුන් පන්දු වාර 10 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 133 ක් රැස්කළා.
මොහොමඩ් ශහසාඩ් සහ ශෙවෝන් ඩැනියෙල් ලකුණු 26 බැගින් රැස්කළා. පන්දු යැවීමේදී ට්‍රවීන් මැතිව් කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ලෙස ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට පන්දු වාර 10 ඇතුළත කඩුලු 6 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 107ක් පමණයි.ටොම් ඇබෙල් නොදැවී ලකුණු 54 යි.