අද (23) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලීසිය දැනුම් දෙයි. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දෙවැනි මංතීරුව භාවිත කරන ලෙස ඔහු දැනුම් දෙයි.

මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

මංතීරු නීතිය උල්ලංඝනය කරන අයට එරෙහිව අදින් ආරම්භ වන සතිය තුල දඩ නියම කිරීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

බස්නාහිර පළාතේ මාර්ග 4ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන බස් ප්‍රමුඛතා මංතීරු නීති පෙරහුරුවේ තෙවැනි දිනය අද.

කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ තාවකාලිකව නතර කර තිබූ මංතීරු නීතිය අද ආරම්භ කෙරිණ.

බස් රථ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද ආරම්භ කෙරුණා.

බස්නාහිර පළාත් බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවැනි අදියර හෙට (29) සිට ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

බොරැල්ල සිට මරදාන ටෙක්නිකල්‌ මංසන්ධිය දක්වා බස්රථ ධාවන මංතීරු නීතිය අද සිට කියාත්මකයි.

ලබන සඳුදා (22) පෙරවරු 6.00 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2වැනි අදියර ආරම්භ කෙරෙන බව පොලිසිය පවසයි.

මංතීරු නීතිය අද(10) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest News