දුම්රියේ ගමන් ගන්නා මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වාදීම හා දුම්රියේ ආසන වෙන් කිරීම ඔන් ලයින් ක්‍රමයට සිදු කිරීමට අදාළ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වසරේ සිට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන සියලුම පාසල් විභාග සඳහා අයඳුම් කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව සිදු කෙරේ.

පාසල් පද්ධතිය සක්‍රීයව හා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරක ම ජුනි මාසය වනවිට ලබාගන්නා පාසල් සංගණනය මගිනි.

පාසල් විභාග සඳහා මාර්ගගත ක්‍රමය (ON LINE) අත්හදා බලමින් මෙවර, උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය පැවැත්වීම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

Latest News