දින 51ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ජනතා පරමාධිපත්‍යයට එල්ලවූ අභියෝග ජය ගත්තා සේම දැනට මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය සමථයකට පත් කරමින් ජනතාවට සහන සළසන අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අතුරු සම්මත ගිණුම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන පියවරක් බවත් නොවැම්බර් අයවැයෙන් ජනතා සහන ලබාදීමට බලාපොරොත්තු වුණත් ඇති වූ අර්බුදය හේතුවෙන් එය කිරීමට නොහැකි වූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

Latest News