පරිසර විනාශයන් සම්බන්ධයෙන් පවරන නඩු සඳහා කඩිනමින් තීන්දු ලබාදෙන ක්රමවේදයක් සකස් වියයුතු බව, ආදිවාසී නායක, ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.
රඹකැන් ඔය , පොල්ල බැද්ද ප්රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් එළි කොට ඒවා පෞද්ගලික සමාගම්වලට පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ආදීවාසී නායක ඌරු වරිගේ වන්නියලෑ ඇත්තෝ ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ශ්රී ලංකා මහවැලි අධිකාරිය වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.