මාතර ජනයා මැදිවුණ කුණු ගැටළුව (වීඩියෝ)

ජන 12, 2019
  • මාතර, කොටවිල කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අක්‍රිය වීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    මාතර නගරයේ ඇති සියලුම කැළිකසළ බැහැර කරනු ලබන්නේ, කොටවිල ප්‍රදේශයටයි. කසළ ප්‍රතිචක්‍රීකරණය සිදු නොවීම නිසා අධික දුර්ගන්ධයක් පවතින බව, ප්‍රදේශවාසීහු කියා සිටිති. මේ නිසා සිය දෛනික කටයුතු වලට ද බාධා පැමිණ තිබේ. අපජලය ගලා ගෙන ඒම නිසා ප්‍රදේශයේ වී සහ කොරටු ගොවිතැන් ද විනාශ වී ඇත.

    කුණු කන්ද ආශ්‍රිතව සුනඛයින් 300ක් පමණ සැරිසරණ අතර, ප්‍රදේශවාසීන්ට එය ද ගැටලුවක් වී තිබේ. කැලිකසළ ආහාරයට ගැනීම නිසා දෛනික පක්ෂීන් විශාල ප්‍රමාණයක් මිය යන බව ද වාර්තා වේ. මෙම දැඩි පාරිසරික විනාශයට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

     

     

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 21:29

    Latest News