සන්නද්ධ යුධ ගැටුමකදී න්‍යෂ්ටික අවි භාවිතා කළ ලොව ප්‍රථම සහ එකම අවස්ථාව මෙයයි.
1945 අවසානය වන විට, බෝම්බ හෙලීමෙන් හිරෝෂිමා හි 140,000 ක් සහ නාගසාකි හි තවත් 74,000 ක් පමණ මිය ගොස් ඇත. ඊළඟ වසරවලදී, දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට විකිරණවලින් ලියුකේමියාව, පිළිකා හෝ වෙනත් භයානක අතුරු ආබාධවලට මුහුණ දීමට සිදු විය.
දෙවන ලෝක යුද්ධයේ දී එක්සත් ජනපදයේ මිත්‍ර පාර්ශව රටවල් විසින් කොන්දේසි විරහිතව යටත් වන ලෙස රාජකීය ජපන් සන්නද්ධ හමුදාවන්ට නියෝග කළේ එසේ නොමැති නම් විකල්පය වනුයේ "ඉක්මන් සහ සම්පූර්ණ විනාශය" වන බවද ප්‍රකාශ කරමින්. ජපන් රජය මෙම අවසන් නිවේදනය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වූයේ එක්සත් ජනපද යුද්ධ හමුදාවේ වැඩබලන හමුදාපති වූ ජනරාල් තෝමස් හැන්ඩි විසින් හමුදාමය අතින් වැදගත්කමක් තිබූ විශාල නාගරික ප්‍රදේශ කිහිපයක් වූ හිරෝෂිමා, කොකූරා, නීගාටා සහ නාගසාකි ඉලක්ක කර පරමාණු බෝම්බ හෙළීමට ආඥා නිකුත් කිරීමයි.
පරමාණු බෝම්බ හෙළීම සඳහාම එක්සත් ජනපද යුද්ධ හමුදා ගුවන් බලකායේ 509 වැනි සංයුක්ත කණ්ඩායමට විශේෂ පුහුණුවක් ලබා දෙන ලදී, මෙහෙයුම සඳහාම සකසන ලද බොයිං B-29 සුපර්ෆෝට්රස් ගුවන් යානය මරියානා දූපත් වෙත පියාසර කරමින් මෙම අති බිහිසුණු ප්‍රහාරය සඳහා සූදානම් විය.
1945 අගෝස්තු 6 වැනිදා ලිට්ල් බෝයි බෝම්බය හිරෝෂිමා නගරයට හෙළනු ලැබීය. ඉන් දින තුනකට පසු ෆැට් මෑන් බෝම්බය නාගසාකි නගරයට හෙළන ලදී.
ඉන් අනතුරුවද, මාස ගණනාවක් තිස්සේම, පිලිස්සීම්, විකිරණ හා තුවාල වීම් නිසා ද, වෙනත් ලෙඩ රෝග සහ මන්දපෝෂණය නිසාද, ජනයා විශාල ප්‍රමාණයක් මිය ගියහ. බෝම්බ ප්‍රහාර වලින් මියගිය අති බහුතරය සිවිල් වැසියන් වූහ.
බෝම්බ හෙළීම නීත්‍යානූකූලව හා සදාචාරානුකූලව සාධාරණීකරණය කළ හැකිද යන්න වර්තමානය වන විටද වාදයට තුඩු දෙන කරුණකි. එහෙත්, විවේචකයන් ප්‍රකාශ කරන්නේ සිවිල් වැසියන් ඉලක්ක කර සිතා මතා පරමාණු බෝම්බ හෙළීම අනවශ්‍ය පියවරක් සහ යුධ අපරාධයක් වූ බවයි.
කෙසේ වෙතත් ලොවම පිළිකුලෙන් හෙළා දකින කරන මෙවැනි ඛේදවාචක මිහි මත යලි කිසිදු දිනක සිදු නොවිය යුතුය.