අත් දෙකම හුරු ලියනාඩෝ ඩාවින්චි

අප්‍රේ 09, 2019

    ලියනාඩෝ ඩාවින්චි හට දෑතින්ම චිත්‍ර ඇඳීමේ විශේෂ හැකියාවක් තිබී ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.

    ඩාවින්චි වමත් ද දකුණත්ද යන්න පිළිබඳව මීට පෙර මතභේදයකට තුඩු දී තිබූ කාරණාවකි. ලියනාඩෝ ඩාවින්චිගේ පළමු නිර්මාණය වන "8P" (ලෙස පසුව නම් කර ඇති) භූ දර්ශන චිත්‍රය, අධිතාක්ෂණික අධෝරක්ත පර්යේෂණයකට ලක් කර තිබේ. එම පර්යේෂණයෙන් මෙම නිර්මාණයේ පසුපස කොටසේ මීට පෙර අධ්‍යනයට ලක් නොවූ සලකුණු කිහිපයක් දක්නට ලැබී තිබේ. එම සලකුණු සහ චිත්‍රය අනෙක් පස ඇති සලකුණු පැහැදිලිවම වම් සහ දකුණු අත්වලින් කළ ඒවා බවට සනාථ කර ගැනීමට පර්යේෂකයන් සමත්ව ඇත. එම චිත්‍රයේ ඉදිරිපස සහ පිටුපස එකම ආකාරයේ අත්අකුරු දක්නට ලැබුනත් ඒවා එකිනෙකට වෙනත් ලක්ෂණ තිබී ඇත. ඒ අනුව ඩාවින්චිගේ දෙඅත්-හුරුව පිළිබඳව තහවුරු වී ඇත.

    Davinci 01

    උෆිසි කලාගාරයට අයත් මෙම සිතුවම පර්යේෂනයට ලක් කර ඇත්තේ කීර්තිමත් කලා සංරක්ෂණ සහ විද්‍යා පර්යේෂන ආයතනයක් වන ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ පිහිටි "ඔපිෆිසිඕ ඩිල්ලේ පිඒත්‍රේ ඩූරේ" (Opificio delle Pietre Dure) ආයතනය මගිනි.

    Davinci 02

    Davinci 03

    මෝනාලිසා, අවසන් භෝජන සංග්‍රහය ඇතුළු ලොව අග්‍රගණ්‍ය නිර්මාණ රැසක් ඩාවින්චි විසින් චිත්‍රණය කර තිබේ. ඔහු චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, සංගීතඥයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, ඉතිහාසඥයෙක්, සිතියම් ශිල්පියෙක් මෙන්ම අති විශිෂ්ට කාය ව්‍යච්ඡේද විශේෂඥ ද වේ. ඔහු මීට වසර 500 කට පෙර ඇඳි මිනිස් සිරුරේ සටහන් වර්තමානයේ අධි තාක්ෂණික පර්යේෂණවලදී සීයට සීයක් නිවැරදි බව හෙලිවී තිබේ. ඉංජිනේරුවෙකු ලෙස ලියනාඩෝ විසින් ඔහුගේ කාලයට වඩා ඉතා ඉදිරියෙන් වූ දේවල් ගැන සිතූ අතර ඔහු විසින් හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක් සාන්ද්‍රගත සූර්ය බලය, ගණක යන්ත්‍රයක් හා ද්විත්ව නැව් කඳ සංකල්පනය කළ අතර භූ තල භූ චලන පිළිබඳ ප්‍රාථමික සිද්ධාන්තය එළි දක්වන ලදී. 2019 වසරේ මැයි මසට ලියනාඩෝ ඩාවින්චි මියගොස් වසර 500 ක් සපිරේ.

    Davinci 04

    Latest News