ජාතික ආරක්‍ෂාවට හා මහජන සාමයට STF මෙහෙයුම් මැදිරියක්

ජන 12, 2020

    ජාතික ආරක්‍ෂාව සහ මහජන සාමය ආරක්‍ෂා කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා තිබේ.

    ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින්. ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි, පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරියට සවිධානාත්මක අපරාධ කල්ලි, කප්පම්කරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිලිබඳ තොරතුරු ලබාදිය හැක.

    0112-580518, 0112_058552, 0112_500471 හෝ 0112-506588 යන දුරකතන අංකවලින් එම තොරතුරු දැනුම් දිය හැකි බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

    ඒ සඳහා 0112-588489 හෝ 0112-081044 යන ෆැක්ස් අංක ද භාවිතා කළ හැක.

    Last modified on ඉරිදා, 12 ජනවාරි 2020 16:51

    Latest News