ඩෙංගු යළි හිස ඔසවන ලකුණු

දෙසැ 08, 2018

    පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් පවිතන බව, ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසයි.

    වසර ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 45,700ක් පමණ වාර්තා වී තිබේ. එම සංඛ්‍යාවෙන් සියයට 36ක් පමණ වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙනි. පසුගිය ජූලි මාසය තුළ මේ වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දෙයි.

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන අඛණ්ඩව පරිසරයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව සහ උණ වැළඳුණු විට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීමේ අවශ්‍යතාව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

    දින තුනට වඩා උණ රෝගය පවතින්නේ නම්, ප්‍රතිකාර ලබාගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකර ගැනීම වැදගත් බවයි, ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.

    Latest News