බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවේ කතානායක තීන්දුව

ජන 14, 2020

    ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා පිළිබඳ කතානායකවරයාගේ තීන්දුව ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව, අදාළ විගණන වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් ලබන 21 වැනිදා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ දී තීරණයක් ගැනීමට නියමිත බව කතානායක කරූ ජයසුරිය මහතා පවසයි. වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇති අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවීමට කතානායකවරයා පියවර ගෙන තිබේ. අදාළ තීරණය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්‍ෂ නායක හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ගේ රැස්වීමේදී කරුණු මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම විගණන වාර්තා හැකි ඉක්මණින් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. කතානායකවරයා මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර අද නීතිපති දප්පුල ද ලිවේරා මහතාව පාර්ලිමේන්තුවේ දී මුණගැසී සාකච්ජා කිරීමට නියමිතව තිබූ බව පාර්ලිමේන්තුව පවසයි.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 19:44

    Latest News