ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව ය.
ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වේ.
මෙලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි.
මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය කාලයේ එය සිදුනොකළ බව ද ජාතික මැතිවරණ කොමිසම ප්රකාශ කළේය.
මේ වනවිට මෙරට පවතින පිළිගත් දේශපාලන පක්ෂ ගණන 70කි.