සන්ධානය දේශපාලන නොසන්සුන්තාව ගැන විමසිල්ලෙන්

දෙසැ 09, 2018

    මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය වර්තමාන දේශපාලන තත්වය පිලිබඳ විශේෂ සාකච්ජාවක නිරත වෙයි.

    හමුව විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නිල නිවසේදී ඊයේ පැවැත්විණ. මෙහිදී ගනු ලැබූ තීරණ පිළිබඳව හෙට ජනාධිපතිතුමා දැනුවත් කිරිමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද සාකච්ජාවට සහභාගි වූහ. සාකච්ජාවෙන් අනතුරුව ඔවුහු මාධ්‍යයට අදහස් පළ කළහ.
    බන්දුල ගුණවර්ධන මහතා- “වර්තමානයේ පවතින දේශපාලන තත්වය හා රටේ ඇති විය හැකි තත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීම පමණයි කළේ.
    ගාමිණි ලොකුගේ මහතා- මහින්ද මහත්තයා ඉන්නේ මැතිවරණයක් ඉල්ලන මතයේ. අධිකරණ තීන්දුවත් අනුව මැතිවරණයක් ආවහම කොහොමද අපි ඒකට සංවිධානය වෙන්නේ කියලා කතා කළා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණයක් හම්බ වෙයි කියලා.

    වාසුදේව නානායක්කාර මහතා- කෙසේ නමුත්, වේවා අපි අන්තිමට පාර්ලිමේන්තුවට යන්න වෙනවනේ. ජනවාරියේ හරි. යනකොට අපිට 113 තියෙනවද ඒවා තමයි කතා කළේ. ඒ කිට්ටුවටම එනවා.“ යැයි ඔවුහු අදහස් පළ කරමින් පැවසීය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Last modified on ඉරිදා, 09 දෙසැම්බර් 2018 15:44

    Latest News