කොරෝනා වැළඳුණු බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට ඇතුළත් කෙරේ

ජන 25, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ.

    එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ, ඔවුන් මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

    ඊයේ සහ අද දිනයේ ඔවුන් රෝහලට ඇතුළත් කළ බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඔහු සඳහන් කළේ අදාළ කාන්තාවන්ට වැළදී ඇත්තේ කොරෝනා වෛසරය ද යන්න, සනාථ කර ගැනීම සඳහා රුධිර සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනන වෙත යොමු කළ බවයි.

    Latest News