කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණයට අ.ඩො.මිලියන 1,500ක්

ජන 29, 2020

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි වසර දෙක තුළ නිම කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

    ඊට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,500ක්. ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයක දී මෙම කරුණු අනාවරණය කෙරිණ. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය. කැලණිවැලි දුම්රිය මාර්ගයේ මාලපල්ල සිට මරදාන දක්වා කිලෝමීටර 22ක් කණුමත ඉදිකිරීමට නියමිතයි.

    කොළඹ නගරය ආශ්‍රිත රථ වාහන තදබදය මගහැරවීම එහි අරමුණයි. ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයන ද නිම කර තිබේ. ඉදිකිරීම් කොරියානු සමාගමක් විසින් සිදු කිරීමට නියමිතයි. මාර්ගය නවීකරණය කෙරෙන්නේ, විදුලි දුම්රිය ධාවනය අරමුණු කර ගෙනයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 11:24

    Latest News