විදේශ විනිමය එන මැණික් කර්මාන්තය ගොඩනැංවිය යුතුයි - ඇමති දයාසිරි

ජන 30, 2020

    මෙරටට විදේශ විනිමය ගෙන එන ප්‍රමුඛ කර්මාන්තයක් බවට යළි මැණික් කර්මාන්තය ගොඩ ගැනීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ අරමුණ බව, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    එම වැඩපිළිවෙළ යටතේ රත්නපුර කේන්ද්‍රකර ගනිමින් නවීණ පහසුකම් සහිත මැණික් ව්‍යාපාරික ස්ථාන 3ක් ඉදිකිරීමට ද නියමිතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින් සමග ඊයේ පැවති සාකච්ජාවක දී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළ කළේය. මෙහිදී මැණික් කර්මාන්තකරුවන් තමන්ගේ ගැටලු රාජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

    නව මැණික් ව්‍යාපාරික ස්ථාන 3 දෙමුවාවත,නිවිතිගල හා හැරණියාවත ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවයි, දයාසිරි ජයසේකර මහතා මෙහිදී කියා සිටියේ.
    රත්නපුර නගරයේ මැණික් ව්‍යාපාරිකයන් සහ එම කටයුතු සිදු කෙරෙන ආකාරය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මැති - ඇමතිවරුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 10:35

    Latest News