එම මුලික පරීක්ෂණයේදී පෙනී ගියේ, සිසු පිරිස යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව යැයි, චීන බලධාරීන් ශ්‍රී ලංකා වැඩබලන තානාපතිවරයාට ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ අදහස් දැක්වූ කේ.කේ. යෝගනාදන් මහතා....
“වූහාන් නගරයේ හිටපු ළමයි 33 දෙනා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ සම්බන්ධයෙන් අපි චීන රජයත් එක්ක සාකච්ජා කරමින් සිටියා. අපි දන්නවා ඒකේ හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා. අපි ලැහැස්ති වෙලා හිටියේ ඒ පණිවුඩය ලැබුණාම ළමයි සියලු දෙනාම ලංකාවට ගෙනියන්න. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානය වූහාන් නගරයට ඇවිල්ලා, ළමයි සියලු දෙනාම බොහොම සනීපෙන් ලංකාවට අපිට ගෙනියන්න පුලුවන් වුණා. ළමයි වූහාන්වල ඉන්නකොට ඒ ළමයි එක්ක අපි සම්බන්ධ වෙලා හිටියා. තානාපති කාර්යාලය නිතරම ඒගොල්ලන් ගැන හොයලා බලලා, ළමයින්ට ඕන විධියට අපි වැඩ කරලා දුන්නා. ළමයි හොඳ තත්වයෙන් වූහාන් ගුවන් තොටුපොළට ආවා. ඒ 33 දෙනාවම හොඳින් ලංකාවට එවන්න පුලුවන් වුණා“ යැයි කේ.කේ. යෝගනාදන් මහතා පැවසීය.