පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් ප්‍රකාශයට පත් කිරීම ලබන බදාදා

පෙබ 03, 2020

    පාර්ලිමේන්තු කාරක සභා සඳහා පත් කළ සාමාජිකයින්ගේ නම් ලබන බදාදා (05) කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමට නියමිතයි.

    පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වූ කාරක සභා සඳහා වන නව සාමාජිකයින්ගේ නාමයන් දේශපාලන පක්ෂ විසින් කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි.

    එක් එක් පක්ෂ විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගේ සංඛ්‍යාව අනුව කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම කතානායක කරූ ජයසූරිය මහතා විසින් සිදුකර තිබේ.

    කාරක සභා සාමාජිකයින් නිවේදනය කිරීමෙන් අනතුරුව ඔවුන් රැස්වීමට නියමිත අතර එහිදී කාරක සභා සඳහා වන සභාපතිවරුන් පත් කිරීමට නියමිතයි.

    පසුගිය දෙසැම්බර් මස 3 වනදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා 10ක් අහෝසි විය.

    Latest News