රුහුණු ගුවන් විදුලියට 40 වසරක්

පෙබ 04, 2020

    රුහුණු ගුවන් විදුලියට හතළිස් වසරක් සපිරීම නිමිත්තෙන් සර්ව ආගමික සහ විවිධ වැඩසටහන් කිහිපයක් එම පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණ.

    රුහුණු ගුවන් විදුලිය,ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙවැනි ප්‍රාදේශීය සේවාව ලෙස ඇරඹුණේ, 1983 පෙබරවාරි මස 3 වැනි දින මාතර නූපේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලකයි. අනතුරුව මෙම පරිශ්‍රය හා වටිනා උපකරණ 1987 දී ගිනි තබා විනාශ කෙරිණ. පසුව ඉදිකරන ලද නව මැදිරි සංකීර්ණයේ සිට අද වන තෙක් රුහුණු ගුවන් විදුලිය වසර 40ක කාලයක් විවිධ ක්ෂේත්‍රයන් පෝෂණය කරමින් ඉහළ ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටියි.

    මෙම ගුවන් විදුලියේ 40 වැනි සැමරුම වෙනුවෙන් සර්ව රාත්‍රික ආගමික වැඩසටහන් මෙන්ම, රුක් රෝපණ වැඩසටහනක්, සෞඛ්‍ය සායනයක්, ළමා කුසලතා ඇගයීමේ වැඩසටහනක්, යුගාසන කවි මඩුවක් සහ සුභාවිත ගී ප්‍රසංගයක් ද පැවැත්විණ. ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනයේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණේ.

    Latest News