රටක් ලෙස ගත් සාමූහික තීන්දු නිසා, “කොරෝනා“ පාලනය කළා; ඇමති පවිත්‍රා

පෙබ 06, 2020

    රටක් ලෙස ගත් සාමූහික තීන්දු නිසා, කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි වූ බව, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය...

    “කොරෝනා වෛරසය රෝගීන් එන්න එන් වැඩිවුණත් ලංකාවේ පුලුවන් තරම් මේක අවම කරගන්නට අපි ගත්ත සාමුහික ප්‍රයත්නය නිසා රටක් විධියට අපට පුලුවන් කම ලැබුනා. සාමාන්‍යයෙන් ගුවන් මගීන් පහළොස් දාහක් පමණ දවසකට ලංකාවට ගුවන් මගීන් එනවා. ඊයේ දවසේ චීන ජාතිකයින්ගේ පැමිණිම පුද්ගලයින් 36කට සීමාවුණා. අද වෙන කොට 30කට පමණසීමා වෙලා තියෙනවා“ යැයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 564 දක්වා ඉහළ ගොස් තිබේ. චීනය තුළ වාර්තාගත සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,018ක්. රෝගය වැළැඳුනු ලාබාලතම තැනැත්තා ලෙස වාර්තා වන්නේ, ඉපදී පැය 30ක් වසසැති ළදරුවෙක්. තවත් අලුත උපන් ළදරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බව, තහවුරු වී තිබේ. මේ අතර චීනය ප්‍රකාශ කරන්නේ, රෝගයට ගොදුරු වූවන් 1,153 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. ජපානයේ සහ හොංකොං හි සංචාරක මගී නැව් දෙකක 7,000කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියකට මුහුණ දී සිටී. ඒ ජපානයේ යෝකොහාමා වරායට පැමිණි සුඛෝපභෝගී මගී නැවක විසි දෙනෙකුට කොරෝනා වෛරසය ආදාසනය වී තිබීම හේතුවෙන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 පෙබරවාරි 2020 22:27

    Latest News