දැව ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට මොහු රුපියල් 25,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් 12,500ක මුදලක් පළමුව ලබාගෙන ඇත.
ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ.