එහි වටිනාකම රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක්(1,28,74,848)ක්. 36 හැවිරිදි සැකකරු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද උදෑසන 7.30 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔහු විසින් පැළඳ ගෙන පැමිණි පාවහන් තුළ, මෙම කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් බර රත්තරන් බිස්කට් 12 ක් සඟවා ගෙන ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ඇති රේගු පරිශ්‍රය ඔස්සේ ඇවිද යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවයි, රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේ.
නියෝජ්‍ය රේගු අධ්යක්ෂ එස්.අරුක්ගොඩ මහතා විසින් මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් බිස්කට් තොගය රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් 13 ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.