ඒ අනුව මෙම රෝහල තව නොබෝ දිනකින් සබරගමු පළාත් සභාවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට කටයුතු යොදන බව අමාත්‍යවරිය ප්‍රකාශ කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටිය රෝහලේ පවතින මානව හා භෞතික සම්පත් සහ අනෙකුත් අවශ්‍යතාවයන් සොයා බැලීම සදහා ඊයේ දින (15) එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය...
"රෝහල් කමිටුවේ හා කාර්ය මණ්ඩලයේ ඉල්ලීමක් තිබුනා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගන්න කියලා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යධූරයට මා පත් වූ පසු ඒ සදහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමට පියවර ගත්තා.
පළාත් ආණ්ඩුකාරතුමාගෙන් විමසා සිටියා මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අවසර දෙනවා ද කියලා. එතුමා දැනුම් දී තිබෙනවා මධ්‍යම රජයට මෙම රෝහල පවරා ගැනීමට විරුද්ධත්වයක් නැති බව. ඒ අනූව මීළඟ කැබිනට් මණ්ඩලයේ දී මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරනවා."