ගිනි අවි, ජීව පතුරොම් සමඟ අයෙක් දැලේ

පෙබ 18, 2020

    ගිනි අවි දෙකක් සහ විවිධ වර්ගයේ ජීව පතුරොම් දොළහක් නිවෙසෙහි සඟවා තිබූ බව කියන ලංකා ගමනාගමන මණ්ඩල සේවකයකු හම්බන්තොටපොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

    හක්මන ඩිපෝවේ කොන්දොස්තරවරයකු වන වීරකැටිය කැප්පෙටියාව ප්‍රදේශයේ 42 හැවිරිදි අයෙකු අත්අඩංගුවට පත්විය. සැකකරුගේ නිවෙසෙහි සඟවා තිබූ බව කියන ටී56 උණ්ඩ යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, බෝර දොළහ පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනිඅවියක්, ටී56 වර්ගයේ ජීව පතුරොම් දෙකක්, 84එස් වර්ගයේ ජීව පතුරොම් දෙකක් සහ බෝර දොළහ වර්ගයේ ජීව පතුරොම් අටක් පොලිස් භාරයට ගෙන තිබේ.

    Latest News