මෙම සැකකරුවන් විසින් දීර්ඝකාලයක සිට ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එම ප්‍රදේශයට මත්පැන් බෙදාහැර ඇති ප්‍රධාන මධ්‍යස්ථානය මෙය බවපොලිසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී එක් සැකකරුවකු මැණික් ගඟට පැන පොලිසියෙන් බේරී පැනයාමට උත්සාහ දරා ඇති අතර එහිදී එම සැකකරු ජලයෙ ගිලීඇත. පසුව පොලිස් නිලධාරීන් විසින් ඔහු ගොඩගෙන දිවිබේරාගැනීමට සමත්ව ඇති බවද වාර්තාවේ.
සැකකරුවන් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් වයස අවුරුදු විසිතුන,විසිඅට සහ හතලිස් පහ යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු සහ ගෝඩා තොගයක් ද කසිප්පු පෙරීම සදහා යොදාගත් බැරල් සහ දර ඇතුළු උපකරණ රැසක් දපොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (19) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගෝණගංආර පොලිසිය විසින් සිදු කරයි.