ව්‍යාපාරික ස්ථානවල කැළි කසළ බ්‍රිඩ්වේල් ඇළට මුදා හැරීමෙන් පරිසර ගැටලු රැසක්

පෙබ 22, 2020

    බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් ඉවතලන කැළි කසළ නගරය හරහා ගලා බසින බ්‍රිඩ්වේල් ඇළ මාර්ගයට මුදා හැරීමෙන් පරිසර ගැටලු රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    ඔවුන් චෝදනා කරන්නේ, රාත්‍රී කාලයේ මෙය සිදුකරන බවයි. මෙම ඇළ මාර්ගය ආරම්භක ස්ථානය වන බ්‍රීඩ්වේල් වතුයායේ කම්කරුවන් ද මීට අපද්‍රව්‍ය මුදා හරින බවට ද වාර්තාවේ. මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණය හේතුවෙන්, ජල මට්ටම පහත බැස ඇති නිසා, එම අපද්‍රව්‍ය ඇළ මාර්ගයේ තැන්පත්ව තිබේ. ප්‍රදේශයේ පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

    Latest News