දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට

පෙබ 27, 2020

    නීති විරෝධිව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගියෙක් අද දහවල් කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 17ක්. සැකකරු, ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. දුම්වැටි තොගය ගමන් මලු තුනක සඟවා ගෙන පැමිණ තිබේ. එම පාර්සලයේ, අසුරන 159ක දුම් වැටි 3300කට අධික ප්‍රමාණයක් අඩංගුව තිබී ඇත. සැකකරු, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. දුම්වැටි තොගය, ගුවන් තොටුපල රේගු බාරයට ගෙන තිබේ.

    Latest News