ජනාධිපතිවරයා සහ හිටපු ආරකෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්රණයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාලක ද සිල්වා මහතාට දැනුම්දීමක් සිදුකර තිබුණි.
මීට පෙර පසුගිය 16 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නාලක ද සිල්වා මහතාට දැනුම් දී තිබුණද පෞද්ගලික හේතුවක් මත ඔහු ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතීඥවරුන් මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණි.