බිලියන 2.7ක හෙරොයින් ජාවාරම්කරු රිමාන්ඩ්

දෙසැ 14, 2018

    බේරුවල මුහුදු ප්‍රදේශයේ දී පසුගියදා (5) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 231ක්  අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු වන දුලිප් ලසන්ත ද සිල්වා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ ජී.ඩී.පෙරේරා මහතා අද නියෝග කළේය.

    ඒ ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිට අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

    ඔහු සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ඔහු සතුව තිබූ සැටලයිට් දුරකථන 2ක්, බෝට්ටු 2ක් ද සොයාගනු ලැබීය.

    එම සැටලයිට් දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂන වාර්තා හා ඔහුගේ බැංකු පරීක්ෂා කිරීමට  අධිකරණය අද නියෝග කළේය.

    පකිස්ථානය හා ෂීෂෙල්ස්හි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ද මොහු සම්බන්ධ බවට, මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධියට සම්බන්ධ පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් ද ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය ඊයේ නියෝග කළේය.

    එහි එක් පුද්ගලයෙක් සැකකරුගේ බාල සොහොයුරු බවට ද තොරතුරු අනාවරණය විය.

    Latest News