ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කෙරෙනු ඇත.
ලොව පුරා පැතිර යන කොරෝනා රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, මෙම කාල පරිච්ඡේදය තුළ, සෙනඟ ගැවසෙන ස්ථාන හැකිතාක් මඟ හරිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ විශේෂ උපදෙස් පිළිපදිමින්, අනිසි බියක් ඇති කරගැනීම වෙනුවට වඩාත් ආරක්ෂාකාරී ව සහ වගකීම් සහගත ව කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත සියල්ලන් වෙත අවධාරණය කර සිටියි.