එහි මූලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබා ගැනීම, අලුත් කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා ජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීම ලබන 31 වැනිදා දක්වා තාවකාලිකව සීමා කෙරේ. එබැවින්, හෙට සිට මාර්තු 31 දක්වා කාලය තුළ වේරහැර රියදුරු බලපත්‍ර ප්‍රධාන කාර්යාලයේ හෝ අනෙකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
එමෙන්ම, හෙට සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ දැනටමත් දින හා වේලාවන් ලබා දී ඇති සියලු රියදුරු බලපත් ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ ද අවලංගු කෙරිණ. මෙම කාලසීමාව තුළ වේරහැර හා අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. මෙම කාලසීමාව තුළ කාලය දීර්ඝ කිරීමට නියමිත රියදුරු බලපත් හා තාවකාලික අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා ලබාදෙන විසඳුම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.