කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානී ලෙස හමුදාපති

මාර් 17, 2020

    කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ ස්ථාපනය කර ඇති COVID-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත.


    මහජන සුභසිද්ධිය සහතික කිරීම සඳහා පොදු සෞඛ්‍ය හා සෙසු සේවාහි මනා සම්බන්ධීකරණයකින් යුත් නිවාරණ හා කළමනාකරණ පියවර ගන්නා බවට සහතික කිරීමේ අරමුණෙන් මධ්‍යස්ථානය ස්ථාපනය කරනු ලැබීය.


    මධ්‍යස්ථානය යටතට ගැනෙන සේවා සම්බන්ධීකරණයට සේවා අවශ්‍යතා ප්‍රමුඛතාව මත සියලුම නිලධාරීන් සහභාගී කරගන්නා අතර ඒ සඳහා ඔවුන් සැම විටම සූදානමින් සිටිය යුතු බව රජය දැනුම් දෙයි.

    Latest News