ජනපති හා අගමැති අතර සමීප සම්බන්ධතා ගොඩනැඟීමේ මඟක්

දෙසැ 16, 2018

    එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම්දීම සිදුවිය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත්වූ පස්වැනි අවස්ථාව මෙයයි. ජනාධිපති කාර්යාලයේ සිදුවූ දිවුරුම්දීමේ අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා...“අද නම් ඉතාමත් සාර්ථකයි, මට නම් ඉතාමත් සතුටුයි නායකයෝ දෙපළ අතර තියෙන සංහිඳියාව තවත් අනිවාර් ්‍ය යෙන්ම වැඩි වෙනවා කියන එක මට පැහැදිළිව ප්‍රකාශ කරන්න පුලුවන්. එකතු වෙලා වැඩ කරමු යැයි“ පැවසූ බව නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

    සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් “මේ රට තුළ තියෙන ජාති, ආගම්, කුල-මළ, පන්ති පක්ෂ ග්‍රෝත්‍ර තරාතිරම් භේදවලින් තොරව සියලු දෙනාටම එක හා සමානව සළකලා කරපු හොඳ දේවල් තවදුරටත් ශක්තිමත් කරලා නවීකරණය කරලා ඉදිරියට ගෙන යමින්, සිදුවුණු අඩුපාඩුකම් මඟහරවා ගනිමින්, වැරදි-නිවැරදි කරගෙන ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවගේ ඉල්ලුමට-සැපයුම ලැබෙන ආණ්ඩුවක් අපි බිහි කරන්න බලාපොරොත්තු වෙනවා“ යැපි ප්‍රකාශ කළේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News