ඇඳිරි නීතිය ලිහිල්‌ කිරීමත්‌ සමග ජනතනාව විශාල වශයෙන්‌ නගර වෙත

මාර් 26, 2020

    දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පනවා තිබූ ඇඳිරි නීතිය අද උදේ 6.00ට ලිහිල්‌ කිරීමත්‌ සමග ජනතනාව විශාල වශයෙන්‌ නගර වෙත පැමිණි බව වාර්තා වේ.

    මෙලෙස ලිහිල්‌ කෙරුණු ඇඳිරි නීතිය අද පස්වරු 2.00ට යළිත් පැනවීමට පියවර ගනු ලැබිණි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව මඩකලපුව, කාන්නන්කුඩි, වාලචිචේන, කලුවාන්චිකුඩි ඇතුළු බොහෝ නගරවල භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දක්නට ලැබිණි.

    ඒ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනනාව ද සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද නගරවලට පැමිණ සිටියහ. සෞඛ්‍ය අංශ කළ දැනුවත්‌ කිරීමට අනුව එකිනෙකා අතර දුර ප්‍රමාණය මීටරයක්‌ පමණ වන සේ පෝලිම්වල ඔවුන් රැඳී සිටීම විශේෂත්වයකි‌. සෞඛ්‍ය අංශ හා පොලිසියේ සහාය ද මීට හිමි විය.

    තවද සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්‌ පිළිපදිමින්‌ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව ද තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සෑම නගරයකම පාහේ එක්රොක්‌ වී ඇති ආකාරය දක්නට ලැබිණි.

    එමෙන්ම අනුරාධපුර නගරයේ ද අද උදෑසන සිට පැවතියේ දැඩි තදබදයකි. සෞඛ්‍ය උපදෙස්‌ පිළිපදිමින්‌ එම නගරයේ ජනතාව ද මීටරයක පමණ දුරක්‌ තබා ගනිමින්‌ පෝලිම්වල රැඳී සිටින ආකාරය ලක්නට ලැබිණි.

    Latest News