විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ මැදිහත්වීමෙන් අවසන් කටයුතු සිදු කෙරිණ. මුද්‍රා තබා තිබූ දේහයේ මුහුණ පමණක් සුළු වේලාවක් බැලීමට පවුලේ ඥාතීන්ට අවසර ලබා දී තිබුණි.
ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ, කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක්. ඔහු වෛරසය ආසාදිත සිව්වැන්න ලෙස සොයාගත් සංචාරක මග පෙන්වන්නයි. එම රෝගියා අවුරුදු 60ක් වයසැති පිරිමි පුද්ගලයෙකු වන අතර, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර, දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් ද පෙලුණු රෝගියෙකු බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.